දර්ශනගේ මානසික ඔපෙරාව

මූනුපොතෙන් වීඩියෝ බාමු

Posted by: දර්ශන on: June 10, 2009

ගොඩ කාලෙකින් මොනවත් ලියන්නත් බැරි උනා. හිතුනා ටෙක් ලියන්නත් පටන් ගත්තොත් හොදයි කියල.
ඉස් ඉස්සෙල්ලාම ලියන්නෙ මොනවද කියල හිත හිත ඉන්නකොට තමයි මේක ලියන්න ඕනෙ කියල හිතුනෙ.

කස්ටියම දැකල ඇතිනෙ මූනුපොතේ වීඩියෝ.  ඒ වගේම මේව කෙලින්ම බාගන්න පුලුවන් පහසුකමක් සපයල නැහැ කියලත් අධ්‍යයනය කිරීමේදී ඔබ දැකල ඇති.  මේ ඒකට විසදුමක්.

මුලින්ම වට්ටොරුව බලමු.

සපයා ගත යුතු දෑ
1. ස්ථාපනය කරන ලද ගිනි නරියෙක්
2. නිතර කැඩෙන බිදෙන බවෙන් තොර වූ අන්තර්ජාල සබදතාවක්

හරි දැන් ඔක්කොම සූදානම්. එහෙනම් හා හා පුරා කියල වැඩේට බහිමු

ඔන්න ක්‍රමේ
1. ගිනි නරියා ඕපන් කර ගෙන Tool Barහි Tools වෙත ගොස් Add-ons තෝරන්න.
2. පොලා පනින වින්ඩෝවේ Search All Add-ons භාවිතා කර හෝ ගිනි නරියාගේ Add-on පි‍ටු‍ව තුලින් හෝ grease monkey ස්ථාපිත කර ගන්න.
3. දැන් ගිනි නරියා Restartකර මෙතනින්
Facebook Video Script ස්ථාපනය කර ගන්න (පි‍ටුවේ ඉහල දකුණු කෙලවර ඇති Install බොත්තම ඔබන්න).

මෙය කල යුත්තේ Greasemonkey Enabled කර බවත් මතක තබා ගන්න. පරික්ෂා කිරීම සදහා Tool Bar > Tools > Greasemonkey වෙත යන්න.

4. දැන් මූනුපොතේ වීඩියෝවක් ඇති පිටුවක‍ට යන්න.

පෙනේද ඒකෙත් හැ‍ටි.....

සංඝරත්නය සහ මෝට(ර්) සයිකල්

Posted by: දර්ශන on: April 27, 2009

ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක උදෑසන පත්තර කියැවීමේ වඩසටහනකින් ඇසුනු කතා කළ යුතු මාතෘකාවක් ගැනයි මේ කියන්න යන්නෙ.
හමුදුරු කෙනෙක් කියනව, තමන් වහන්සේ ලන්ඩන් නගරයේ ජීවත්වෙන්න ආසයි කියල. ඕක කතා කල යුතු දෙයක් නොවෙයි. නමුත් ඊට පස්සෙ කියල තියන කතන්දරේ අනුමත කරන්න පුලුවන්ද කියල නම් තවමත් ප්‍රශ්නයක්. කෙසේ වෙතත් මම මෙයට එකග නැහැ.
තමන් වහන්සේට මෝටර් බයිසිකලයක් පදින්න තදබළ ආශාවක් තියන බවයි, උන් වහන්සෙ කියන්නේ. තවත් කියනවා තමන් වහන්සේ  ගිහි කාලයේ මෝටර් බයිසිකල් පැද්ද බවත්, කලීන අවශ්‍යතවයක් ලෙස සලකා බලා සංඝරත්නයට වාහන එළැවීමේ අයිතිය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා.

වර්තමානය දෙස නැවත බලමු. ගිහියන්ට ඇති හාමුදුරුවරුන්ට නැති මොනවද තියෙන්නෙ? මම මෙයින් අන්තගාමී පරණ මතයක් ගේන්න අදහස් කරන්නෙ නැහැ. නමුත් ඔවුන්ටත් අපිටත් අමතක වුනු වැදගත් දෙයක් තියනව, ඒ ඔවුන් ගිහි ආශා අත්හැර සත්‍ය සෙවීමේ උතුම් පරමාර්තය උදෙසා පැවිදි වුනු බව. ඒත් වර්තමානයට මේ කතාව කොයිතරම් දුරකට වලංගු ද කියන එක ප්‍රශ්නයක්නෙ. සන්නිවේදන අවශ්‍යතාවය හාමුදුරුවරුන්ටත් තියන බව මම පිලිගන්නවා. නමුත් N96, PDAs, iPhones, රස වින්දනයට TV (51′), Radio, MP4 Players අනුමත කරන්න පුලුවන්ද? නිරෝගී සෞඛ්‍ය උදෙසා jim යාම, ඇයි ආදරය, සෙනෙහසට….. (කතාකල යුතු නැහැනෙ) දානයට වඩින්න, හදිස්සි ගමනක් යන්න පෞද්ගලික වාහනයක්!!!! බලාගෙන ගියහම ගිහිව සිටියත් පවිදිව සිටියත් වෙනසක් නැහැ නෙ.

විචාරය අවසන්, නමුත් අවසානයට කියන්න තවත් දෙයක් ඉතිරි වෙලා තියනවා. මෙ විචාරය සිවුරු දරාගෙන සිටින හැම ස්වාමීන්වහන්සේ කෙනෙනුටම වලංගු නැහැ. ඇත්තටම මෙහි නොගලපෙන හානිය දැක දැඩි ලෙස විරුද්ධ වෙන උතුම් ස්වාමීන්වහන්සේලාත් සිටින බව කිව යුතුයි. බෞද්ධයො හටියට අපි අපේ දර්ශනයට ගරු කලාට අකටයුතුකම් ඉදිරියේදීත් නිහඩව සිටීම කලයුතුයි කියා මට හගෙන්නේ නැහැ. එතකොට අපි අන්තගාමී අදහන්නො වෙලා ඉවරයි. අපි කලයුත්තෙ එහි ඇති හරය වටහා ගෙන අනුගමනය කිරීම බවයි මම විශ්වාස කරන්නෙ.
අපි මේ ගැන දෙවරක් සිතිය යුතුව තිබෙනවා. කතා කලයුතු දේත් බොහොයි. ඒත් දැනට මේ ඇති…….

වරද කරන්නෝ පමණක්ම භාර ගනිත්වා!

මල් මිටක් තියන්න, ඔබ අ‍තේ
මට කියා කොයින් ද, මල් වනේ
ජීවිතේ විසල්, නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි…… ළදේ

කසුන් කල්හාර කියන්නෙ තරුණ පරපුරේ සංගීත ශිල්පීන් අතර විශිෂ්ටයෙක් කිව්වොත් නිවැරදියි. ඔහුගේ සංගීතය, හඩ තවත් බොහෝ කාලයක් මේ ලෙසින්ම ජනප්‍රියව පවතින බව සහතිකයි. කොටින්ම මමත් කසුන් කල්හාර රසිකයෙක්.

නමුත් ඊයේ වුනු (ම‍ට ම විශ්වාස කරගන්න බැරි විදිහෙ) සිදු‍වීමක් නිසා කසුන් කල්හාර ගැන තිබුනු සිතිවිලි වෙනස් උනා.
මම කථාව කෙටියෙන් කියන්නම්, ඊයෙ (2009.04.13) උදේ ART (TV) නාලිකාවේ Jack and the Beanstalk – The Real Story නම් චිත්‍රපටයක් විකාශය උනා. ‍එය අපි පොඩිකාලෙ අහපු ජැක් සහ බෝංචි වැල කථාව පාදක කර ගෙන නිර්මාණය වුණු චිත්‍රපටයක්. ජැක් සහ බෝංචි වැල කථාවේ එන ස්වයංක්‍රීයව වාදනය වන රන් සංගීත භාණ්ඩය මතකද? එය වාදනය වන කොටස් කිහිපයක්ම‍ මේ චිත්‍රපටයේ අන්තර්ගතයි.

ඒ සංගීතය ඇසුනාට පස්සෙ මට හිටි තැන් අමතක උනා. මට ඇසුනේ වැරදි ‍විදියටද? අවිනිෂ්චිත හැගීමකුත් මාව ආක්‍රමණය කලා. මට ඇහුනෙ කසුන් කල්හාරගෙ මල් මිටක් තියන්න ගී‍තයේ සංගීතය! කිසිම අඩුවක් නැතුව…….
තිබුනු සැකය සන්සිදවා ගත්තෙ වාදනය නැවත වාදනය වන කොටස නැරඹීමෙන් අනතුරුවයි. මට ඇහුන‍‍ දේ මම ඒ වෙලාවෙ ඉදන් දැන් වෙනකම්ම විශ්වාස කරනවා.

ඔබත් කසුන් කල්හාරගෙ මල් මිටක් තියන්න ගීතයේ සංගීතය හොරකම් කරපු එකක් බව සාක්ෂි නැතිව පිලිගන්න අකමැති වෙයි. පහලින් පලමුවෙනියට තියෙන්නෙ මල් මිටක් තියන්න ගී‍තය,‍‍ දෙවැනිය‍ට Jack and the Beanstalk – The Real Story චිත්‍රපටයේ වාදනය. බලන්න, ඔබ විශ්වාස කරාවි මම කියන්නෙ ඇත්ත කියලා.

1.

2.


මෙම චිත්‍රපටය සම්පූර්ණයෙන් බාගත කර ගන්න අවශ්‍යය නම් පහත torrent link භාවිතා කරන්න.

torrent links :

http://btjunkie.org/search?q=Jack+and+the+Beanstalk තුලින් තෝරා හෝ

http://dl.btjunkie.org/torrent/Jack-and-the-Beanstalk-The-Real-Story/43245d5d6f3c6d381d7f15111ecf628feaa7247b6492/download.torrent

හෝ

http://dl.btjunkie.org/torrent/Jack-and-the-Beanstalk-The-Real-Story/43247b486e7ef1b1754642d23fc219ea78c937a6c2a4/download.torrent

හෝ
http://dl.btjunkie.org/torrent/JACK-amp-THE-BEANSTALK-THE-REAL-STORY-DVDRIP-ENG-JOCKTHERIPPER/37847f559564463384db1aba5f3dc566667bbb6c3287/download.torrent මගින් කෙලින්ම බාගැනීම සිදු කරන්න.

මම මේ හෑල්ලෙන් ලොකු චෝදනාවක් කරන්නයි ලෑස්ති වෙන්නෙ. ඒ මට ලැබුණු ආරංචියකට අනුව, මගෙ සිංහල ගුරුවරයෙකුගෙන්. ඒ සිංහල හෝඩියට තවත් අකුරු එකතු වෙන්න යනව කියන එක.
දැනට භාවිතාවන හෝඩියේ අකුරු 60 ක් තියනවා. මට දැන ගන්න ලැබුණු හැටියට මේ එකතු කරන්න යන උන් සිංහල හෝඩියේ අකුරු 96ක් හොයා ගෙන තියනවලු.
දැනට ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන්නෙ තොරතුරු තාක්ෂණය. ජාතියක් විදියට ලෝකයේ ඉස්සරහට යන්න නම් තාක්ෂණයත් සමග අත්වැල් බැද ගැනීම අත්‍යාවශ්‍යයි. ඉතින් තොරතුරු තාක්ෂණයේ ඉස්සරහට යන්න නම් දැනට භාවිතාකරන සම්මත අකුරු පුවරුව තුල අපගේ භාෂාව පහසුවෙන් හසුරවන්නට හැකි විය යුතුය කියලයි මට නම් හැගෙන්නෙ.

තව තවත් භාෂාව සංකීර්ණ කිරීමෙන් අපි ලෝකයට විවෘත වීමේ ප්‍රධානතම දොරටුවට යන මග තව තවත් ඇවිරෙනවා නොවෙද?

භාෂාව තව තවත් සංකීර්ණ කර එය දියුණුවන බව පවසන මෙවැන්නන් ගේ ක්‍රියා නිසා අපි තාක්ෂණයෙන් තව තවත් පස්සට තියන බවයි මම විශ්වාස කරන්නෙ.

Tom Hanksගේ ප්‍රතිභාව

Posted by: දර්ශන on: April 15, 2009

Tom Hanks කියන්නෙ Cast Away, Forrest Gump, Saving Private Ryan වගේ ජනප්‍රිය වුනු  චිත්‍රපට කිහිපයකම ප්‍රධාන නළුවට පණදුන් විශිෂ්ට රංගන ශිල්පියා. ඔහු පස් වරක්ම Oscar සම්මානය දිනාගෙන තිබෙනවා. මීට අමතරව BAFTA Film Award, Silver Berlin Bear, CFCA Award, Christopher Award, Golden Apple, Gala Tribute, Golden Globe වැනි සම්මාන රැසක්ම ඔහු දිනා තිබෙන‍වා. ‍වාසනාවක‍ට වගේ මටත් මේ චිත්‍රපට වලින් කිහිපයක් බලන්න අවස්ථාව ලැබුනා. Cast Away හා Forrest Gump මගේ සිත බැදගත්තෙ ඒවායෙ ඔහු කරන එකිනෙකට වෙනස් රංගනය නිසාම වෙන්න ඇති.

Cast Away

Cast Away

Cast Away චිත්‍රපටයේ ඔහු රගන්නේ FedEx ආයතනයේ ආරම්භකයා හැටියට. ඔහු කාලයේ වැදගත් කම හොදින් හදුනන්නෙක්. ඔවුන‍්ගේ පලමුවන ගුවන් කුරියර් චාරිකාවේදී ගුවන් යානය අනතුරට පත් වෙනවා. දිවි බේරා ගන්නෙ ඔහු පමණයි. මුහුදින් ව‍ටවුනු පාළු දිවයිනක‍ට ඔහු තනිවෙනවා. පාළුව කාන්සිය එක්ක ඔහු ගැටෙන අයුරු ඉතා ප්‍රායෝගික සිදුවීම් යොදාගෙන ප්‍රේක්ෂකයාගේ හදවත අති සාර්ථකව ස්පර්ෂ කරන්නට මෙහි අධ්‍යක්ෂකවරයා සමත් වෙනවා. ලොකු කලබගෑනි වලින් පස්සෙ එයා  පහුරක් හදාගෙන ආපහු එනව. ඔහු එනකොට ඔහුගෙ බිරිද තවත් අයෙක් විවාහ කරගෙන. ඔහු තවදුරටත් FedEx ආයතනයේ අයිතිකරුත් නොවෙයි. ඔහුට සියලුදේම අහිමි වෙලා. කතව හොයාගෙන බලන්න, මට කියන්න ඔනෙ එය නොවෙයි. අධ්‍යක්ෂක වරයාගේ චිත්‍රපටයට Tom Hanks කියන නළුවාගේ දායකත්වය.

අධ්‍යක්ෂක වරයා කොතරම් දක්ෂයෙක් වුනත් තමාගේ අවශ්‍යතාවය නළුවා තේරුම් ගන්නේ කෙසේද යන කාරණය මත නිර්මාණයේ ගුණාත්මක භාවය තීරණය වෙන‍වා. එය හරිය‍ටම අවබෝද කර ගන්න නම් මෙවැනි චිත්‍රපටයක් නැරඹිය යුතුයි. එහි පරාසය තව දුරටත් අවබෝධ කර ගන්න Forrest Gump චිත්‍රපටය නැරඹන ‍එක හොදයි.

Forrest Gump

Forrest Gump

Forrest Gump චිත්‍රපටය  Cast Away අධ්‍යක්ෂක වරයාගේම අධ්‍යක්ෂණයක්. එය උපතේ සිටම ආබාධිත, බුද්ධියෙන් හීන මිනිසෙකු වටා ගෙතෙන අපූරු කථාවක්. ප්‍රධාන නළුවා Tom. මේ සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයන් දෙක තුලම එකසේ ප්‍රේක්ෂකයාට පෙළහර‍පාන Tom ගේ හැකියාව කළාවේත් විද්‍යාවේත් සම්මිෂ්‍රණයක් ලෙස දකින්න පුළුවන්. කෙසේ වෙතත් නළුවෙකුට, අධ්‍යක්ෂ වරයෙකුට, ප්‍රබුද්ධ රසවින්දකයෙකුට අනිවාර්යයෙන්ම බැලිය යුතු බවට නිර්දේෂ කළ හැකි චිත්‍රපට දෙකක්.

දින සටහන්

December 2009
M T W T F S S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

මා පසුපස එන්න